Discover the intriguing Wal Katha 2025 with අකීකරු මහත්තයා . Dive into fresh and captivating Sinhala Wal Katha stories that will leave you wanting more.
මගේ නම මධුශානි. මට වයස 32. මට බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා. අපි ජිවත් වුනේ බදුල්ලේ. මගේ සැමියාට අවුරුදු 44ක් වෙනවා. අපේ ආර්ථික තත්වය හොද නැති නිසා කාලයක් මාත් ගෙවල් වල වැඩ කරන්න ගියා. ඔහොම කාලයක් යනකොට අපේ ගමේ හිටපු අශෝක කියලා අයියා කෙනෙක් කිව්වා කලුතර පැත්තේ පොල් ඉඩමක නැවතිලා වැඩ කරන්න ජෝඩුවක් හොයනවා. මසෙට කෑම බීමත් එක්ක ලක්ශයක පඩියක් දෙනවා කියලා. මන් මේක මගේ සැමියා වන නිමල්ට කිව්වා. එයා ඉතින් කැමති වුනා.
අපි දවසක් ඒ අශෝකත් එක්ක ගියා ඒ වැඩ බලන්න. ගියාට පස්සේ ඒ අයිතිකාර මහත්මයා එක්ක කතා කලා. එයාගේ නම නුවන්. ඒ මහත්මයට වැඩි වයසක් නෑ. අවුරුදු 28යි වයස. අපිත් එක්ක එයා කතා කලා. එයා කැමති උනා වැඩට ගන්න අපිව. කලින් ඉදපු ජෝඩුව හොරක්මක් කරලා අහුවෙලා යැව්වා කියලා නුවන් මහත්මයා කිව්වා. අපිට ඉන්න පොඩි කාමරයක් හදලා තිබුනා. ඒ පොල් වත්තේ වැඩට දවල්ට කීප දෙනෙක් ඉන්නවා. නිමල්ට තිබුනේ රෑට වත්ත මුර කරන්න. ඊට අමතරව ගස් වලට පොහොර දානකොට එයා ටිකක් උදව් කලා. මට තිබුනේ නුවන් මහත්තයා ඉන්න වත්තේ ගෙදර වැඩ ටික කරන්න. උයන්න අතුගාන්න රෙදි හොදන්න වගේ වැඩ.
ඇත්තටම නුවන් මහත්තයා විතරක් ඉන්න නිසා වැඩ ඉතින් අමාරු නෑ. රෙදි හෝදන්නත් වොශින් මැශින් එකක් තිබුනා. හස්බන්ට තිබුනේ රෑට වත්ත මුර කරන්න. මොකද ඒ අවට ගොඩක් හොරු හිටියා. වටේ කසිප්පූ කාරයොත් හිටියා. එයාලා පොලිසියට අහු වෙනවට කසිප්පු කෑන් හංගන්නේ මේ පොල් වත්තේ. ඉතින් ඔය වෙනුවෙන් නිමල්ටට වත්ත පිටිපස්සට කෙලවරේ පොඩි මඩුවක් හදලා තිබුනා . නිමල් රෑ 8ට විතර මුරට යනවා. එයා එන්නේ පාන්දර 5ට විතර. මමත් උදේ 7ට විතර ගිහින් නුවන් මහත්තයාට කෑම උයලා ගෙදර වැඩ ටික කරනවා. උදේ මන් නිමල්ගේ කෑම එක කුස්සියෙන් බෙදලා තියෙනවා. නිමල් කුස්සියට ඇවිත් කෑම එක කාලා අපේ කාමරේට ගිහින් නිදාගන්නවා. මන් ඉතින් දවල්ට උයලා ඉවර වෙලා කෑම එකක් අරගෙන නිමල්ට ගිහින් දෙනවා. ආයේ මන් හවස 6ට විතර නුවන් මහත්තයාටයි අපිටයි රැ කෑම ලෑස්ති කරනවා. රැටත් නිමල් කුස්සියයට ඇවිත් කාලා තමයි මුරට යන්නේ. හැබැයි කිව්වොත් ඇරෙන්න කුස්සියෙන් ඇතුලට එන්න එපා කියලා නුවන් මහත්තයා නිමල්ට කියලා තිබුනේ.
නුවන් මහත්තයගේ අම්මලා තාත්තලා ඉන්නේ රට. මහත්තයගේ අක්කාත් එක්ක .එහෙ පදිංචියට ගිහින් ඉන්නේ. නුවන් මහත්තයා එයාගේ කාමරේ වියායාම කරනවා ඒ වෙනුවෙන් එයා ඒකට ඕනි උපකරණ කාමරේම ගෙනත් තියාගෙන තිබුනේ ඇත්තටම එයාගේ කාමරේ එයාට ඕනි හැමදේම තියලා තිබුනා.එයාගේ කාමරේම AC කරලා තිබුනේ තව ටිවි එකක්, කම්පිවුටර් එකක් , ලොකු ඇදක් කාමරේටම වෙනම බාත් රූම් එකක් ඒකේ තමයි වොශින් මැචින් එකත් තිබුනේ. එයාගේ ගෙදර තව කාමර 3ක් තිබුනා. ඒ තුනම ලොක් කරලා තිබුනේ. ඒක නිසා ඒවා අස් කරන්න ඕනෙත් නැති නිසා මට ලේසි. එයා තව ගෙදර වටේටම කැමරා ගහන් හිටියේ කුස්සියටත් එකක් ගහලා තිබුනා. නුවන් මහත්තයාට කාමරේ ඉද්න් කැමරා ඔක්කොම බලන්න පුළුවන් වෙන්න තමයි එයා ඒක හදාගෙන තිබුනේ.
ඉතින් නුවන් මහත්තයා බාල වුනාට එයාගේ ඇග මාර ලස්සනයි නලුවෙක් වගේ එයාගෙ වැඩ හරි පිලිවෙලයි පිරිසිදුයි. දැක්කාම ඇත්තටම හිත යනවා. ඒ වගේම හරි නිහතමානී. මන් කාමරේ වැඩ කරනගමන් එයාත් එක්ක කතා කරනවා. එයා මගෙ පවුල් විස්තරත් අහනවා. මාත් එයගෙන් අහනවා එයාගේ විස්තර මම ඉතින් එතන වැඩ කලේ ආසාවෙන්
ඉතිරි කොටස පසුවට =